




2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 90 පීනගම වසමේ ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් කච්චේරියක් පවත්වන ලදි.
ඒ සදහා ඉඩම් හිමි ප්‍රදේශවාසීන් 123 දෙනෙකු සම්බන්ධ වූ අතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා වසම භාර ග්‍රාම නිලධාරිනී, සංවර්ධන නිලධාරි, කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන් හා වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීනී සම්බන්ධ විය..





රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව ග්‍රාම නිලධාරී වසමේ දී ඉඩම් කච්චේරියක් 2023.08.03 වනදා පැවැත්විණි. ඒ ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍ධානත්වයෙන්.
ඒ සඳහා ඉඩම් හිමි ප්‍රදේශ වාසීන් 53න් දෙනෙක් සම්බන්ධ වී සිටයහ.
වැඩසටහන සඳහා , සහකාර ප්‍රාදේශීය ලේකම් , පරිපාලන ග්‍රාම නිලධාරි , ඉඩම් අංශයේ නිලධාරීන්, වසම භාර ග්‍රාමනිලධාරී හා වසම භාර සංවර්ධන නිලධාරීනී සම්බන්ධ වී සිටියහ.







අවස්ථාව සදහා ප්රාදේශීය ලේකම් තුමා , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන ග්රාම නිලධාරිතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දේශපාලන අධ්කාරියේ නියොජිතයන් හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් සහභාගී වන ලදි.










ඒ සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කීල්ස් ආයතනය , වෘත්තීය පුහුණු අධ්කාරය, D2 ඇගලුම් ආයතන, සණස රක්ෂණ ආයතනය, SOS ආයතනය , ජනශක්ති රක්ෂණ ආයතනය , ඩයලොග් ආයතනය ඇතුළු ආයතන අවස්ථාව සදහා සම්බන්ධ විය.
ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, ගණකාධිකාරිතුමිය , පරිපාලන නිලධාරිතුමිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියොජනය කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී මිහින්තලය හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මානව සම්පත් නිලධාරීන් හා ප්‍රාදේශීය රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් බොහෝ පිරිසක් වැඩසටහන සදහා සම්බන්ධ විය.





එය රඹෑව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් සිදු කල අතර රුක් රෝපණ වැඩසටහනක්, ප්රදේශයේ ආයතයන්හි නිලධාරීන් , ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
අවස්ථාව සදහා ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්රාම නිලධාරිතුමා , කෘෂි කර්ම සංවර්ධන නිලධාරීන් , ගොවිජන සේවා මධ්යස්ථානය අවට වසම් වල සංවර්ධන නිලධාරීන් , ග්රාම නිලධාරීන්, සමුර්ධ් සංවර්ධන නිලධාරීන් , කල්ලංචිය ගොවිජන සේවා ප්රාදේශීය සංවර්ධන නිලධාරීනී , කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් , කල්ලංචිය පොලිස් ස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් , කල්ලංචිය රෝහල නියෝජනය කරමින් නිලධාරීන් , හා ප්රජා නායකයින් සම්බන්ධ විය.














