අපගේ දැක්ම

සේවාලාභී සංතෘප්තිය තුළින් රාජ්‍ය සේවයේ විශිෂ්ඨත්වයට

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසර හා සැලසුම් සහගත ක්‍රියාවලියක් තුළින් රඹෑව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීම.

කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දිය යුතු නමුත් මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වන්නේ අදාල වටිනාකමට මුද්දර පමණි. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. ඊ-ප්‍රාදේශිය ලේකම් කාර්යාල, උපත්, විවාහ, මරණ සහතික පරිගණකය මගින් කොළඹ දිස්ත්‍රික්කයේම සහතික ලබා දීම, ඊ-විශ්‍රාම වැටුප්, ගෘහ මූලික ලේඛණ පරීක්ෂා කර සේවා ලබා දීම යන සියළුම නව සංකල්ප සියල්ලම පවතින එකම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද මෙයවේ.

ඓතිහාසික කොළඹට “කොළඹ ” යන නම පැවතීමේ සම්ප්‍රදානුකූල සම්භවය වන්නේ “කොළොන්තොට” යන කැළණි නදියේ නැවතුම් පළ යන්නයි. සිංහලයන්ගේ ‍කොළඹ යන්නෙහි සම්භවය, එනම් කොළ අඹ තොට යන්න අඹ ගස් සහිත වරායයි. බ්‍රිතාන්‍ය අධිරාජයෙහි අධිකාරිත්වය යටතේ වර්ෂ 1815 දී කොළඹ ලංකාවේ අගනුවර බවට පත්විය. කෙසේ වෙතත් 1948 වර්ෂයේ නිදහස ලබා ගන්නා තෙක් කොළඹ නගරය ලංකාවේ අගනුවර ලෙස පැවතිනි. වර්ෂ 1978 දී ලංකාවේ පරිපාලන අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන විට කොළඹ වාණිජ නගරය ලෙස සැලකිනි.

අවුරුදු 2000 ක් පුරා කොළඹ නගරය වෙළෙදුන් විසින් දැන සිටියහ. රෝම, චීන, අරාබි වෙළදුන් කොළඹ නගරයට දැඩි රුචිකත්වයක් දැක්වීය. මන්ද එය ඔවුන්ගේ වෙළදාම විශාළ ලෙස වැඩි දියුණු කළා. 1505 දී පෘතුග්‍රීසින් මෙරටට පිය නැගූ අතර, ඒ ඔවුන්ගේ කුලු බඩු වෙළදාම තුලින් ප්‍රතිලාභ ලබා ගැනීම සදහාය. ලංදේසි යුගය තුළ පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ දැඩි පාලනය යටතේ කොළඹ ඔවුන්ගේ මුහුදු කලාපීය අගනුවර ලෙස සැලකීය. 1796 දී පැමිණි ඉංග්‍රීසින් අවසන් වසයෙන් මෙහි පැමිණි ආක්‍රමණිකයන් වශයෙන් සැලකේ. 1866 දී නගර සභා ස්ථාපනය කරන තෙක් කොළඹ නගරය බස්නාහිර පලාත් ආණ්ඩුවේ ඒජන්ත විසින් පාලනය කරන ලදි.

ආයතනයේ විකාශනය

1999 වසරට පූර්වයෙන් කොළඔ මහ නගර සභා බල ප්‍රදේශය එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙසින් විය. ඉන් පසු මෙම කාර්යාලය තිඹීරිගස්යාය හා කොළඔ යන ලෙසින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වශයෙන් කොටස් දෙකකට බෙදිණි. කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොට්ඨාශ 47 කි. ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ බෙදා තිබුණද ජන ගහනය අනුව තවත් කුඩා ඒකකවලට බෙදීමේදී තවත් කොට්ඨාශ 8 ක් එකතු වී ඇත. ඒ අනුව මුළු සංඛ්‍යාව 55 කි. එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35 ක් කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වේ.

2001 ජන සංගණන වාර්තා අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය ජීවත් වනුයේ කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුලයි. ජන සංගණන වාර්තාවන්ට අනුව ජනගහනය 377,396 ක් වූ අතර 2005 වන විට 425000 පමණ බවට ඇස්තමේන්තු කර ඇත. මෙය දිස්ත්‍රික් ජනගහනයෙන් 16.9% කි. එතැන් පටන් විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මෙම කාර්යාලය දිනෙන් දින දියුණුව කරා පියමනිමින් සිටී.

1983 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම  සිට  දක්වා
කිංස්ලි ප්‍රනාන්දු  1983 1986
එස්.නානයක්කාර 1986 1991
විජය කරුණාමුනි  1991 1992
රංජිත් ධර්මසේන 1992 1995
ආනන්ද ඒකනායක 1995 1996
ආරියපාල ගීකියනගේ 1996 1997
පී.ඒ.ජී.ජයවර්ධන 1997 2002
ඩබ්.ජයවර්ධන  2002 2003
ඊ.එම්.එන්.ඒකනායක 2003 2007 ජූලි
ආර්.එම්.පී.රත්නායක 2007 අගෝස්තු 2010 පෙබරවාරි
එස්.එන්.ජී.අබේසේකර 2010 මාර්තු 2010අගෝස්තු
ඊ.ආර්.තිලකරත්න 2010 අගෝස්තු 2010නොවැම්බර්
නීතීඥ ඒ.එම්.ඩබ්.ඒ.අමුණුගම 2014නොවැම්බර් 2018 පෙබරවාරි
ඩබ්.ඒ.වයි.එස්.පී.වීරසිංහ 2018 මැයි මේ දක්වා 

News & Events

07
සැප්2023
90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...

07
සැප්2023
88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

  රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව...

Scroll To Top